සිඩ්නි නගරයේ නව මෙට්‍රෝ දුම්රිය මාර්ගය ලබන අගෝස්තු මස 4 වැනිදා විවෘත කරන බව නිවේදනය කර තිබෙනවා.
කාර්ය බහුල වේලාවන්වලදී සෑම විනාඩි 4කට වරක්ම මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
නව දුම්රිය සේවාව චැට්ස්වුඩ් සිට සිඩන්හැම් (Chatswood to Sydenham) දක්වා ධාවනය වීමට නියමිතයි.
කිලෝමීටර 15.5ක සමස්ත දුරකින් යුත් දුම්රිය මාර්ගය ඇතැම් ස්ථානවලදී සිඩ්නි වරාය යට පිහිටි උමං මාර්ග ඔස්සේ ද ධාවනය කෙරෙනවා.
දිනකට ධාවන වාර 445ක් සිදු කිරීමට නියමිත මෙට්‍රෝ දුම්රිය 45ක් මගින් උදෑසන කාර්ය බහුල වේලාවන්වලදී මගීන් 37,000ක් පමණ භාවිත කරනු ඇති බවට අපේක්ෂිතයි.
උතුරු සිඩ්නි වික්ටෝරියා ක්‍රොස් සිට වරායට යටින් බරන්ගරු දක්වා විනාඩි 3කින්, මාටින් ප්ලේස් (Martin Place) සහ සෙන්ට්‍රල් අතර මිනිත්තු හතරකින් මෙන්ම සිඩන්හැම් සිට චැට්ස්වුඩ් දක්වා (Sydenham to Chatswood) විනාඩි 22 කින් මගීන්ට පැමිණීමට අවස්ථාව ලැබෙනු ඇති.
ක්‍රෝස් නෙස්ට් (Crows Nest), වික්ටෝරියා ක්‍රොස් (Victoria Cross), බරන්ගරු (Barangaroo), මාටින් ප්ලේස් (Martin Place) සහ වෝටර්ලු හි (Waterloo) දුම්රියයට ප්‍රවේශ විය හැකි නව ස්ථාන හයක් නව වේදිකාවන් ද සමගින් ඉදිකර තිබෙනවා.
දුම්රිය භූගතව ගමන් ගන්නා අවස්ථාවන්වලදී මගීන්ට ඔවුන්ගේ ජංගම දුරකථන ද අපහසුවකින් තොරව භාවිතා කිරීමට හැකි වීම විශේෂත්වයක්.
සෑම දුම්රිය ස්ථානයකම CCTV කැමරා 100ක් සහ සෑම දුම්රියක් තුළම කැමරා 38ක් ද සහිත නවීන තාක්ෂනය සහිත පාලන මධ්‍යස්ථානයක් ඇති බවයි සිඩ්නි ප්‍රවාහන බලධාරීන් ප්‍රකාශ කළේ.