සිඩ්නි නගරයේ පහසුව නොතකා ග්‍රාමීය ජනතාව වෙනුවෙන් කැපවූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයා

මිනිසුන්ට උපකාර කිරීමට සහ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රජාවන්ගේ සෞඛ්‍ය සුබසාධනය වැඩිදියුණු කිරීමට ඇති ආශාව හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයක සේවයට ගොස් සිටින ශ්‍රී ලංකික වෛද්‍යවරයෙක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශවල සේවය කිරීමේදී හිමි වන නොමිලේ නවාතැන් පහසුකම් ද සහිතව එම ප්‍රදේශයේ සේවයට ගිය උපාධිධාරී වෛද්‍ය කණ්ඩායම් ඩොලර් ලක්ෂයකට වැඩි වාර්ෂික අදායමක් ලබන බවයි සඳහන් වන්නේ.

වෛද්‍ය විදුෂාන් පහීරතන් (Dr Vidhushan (Vid) Paheerathan) පෙන්වා දෙන්නේ මෙවැනි දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශවල සේවය කිරීම මගින් දෛනික ජීවිතයෙන් ආතතිය ඉවත් කරන අතර ජීවිතය ද භුක්ති විඳිය හැකි බවයි.

Mt Isa රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධාන නිලධාරි වෛද්‍ය කීටින් (Dr Keating) ද මේ වන විට එවැනි දුරස්ථ කලාපීය ප්‍රදේශවල රැකියා අවස්ථා ලබා ගැනීමට සිසුන් දිරිමත් කරන උපාධිධාරීන් කිහිප දෙනෙකුගෙන් කෙනෙක් බව සඳහන්.

27 හැවිරිදි වෛද්‍ය විදුෂාන් පහීරතන් ද කියාසිටියේ සිඩ්නි හි පිහිටි තම නිවසට සාපේක්ෂව දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වීමෙන් ලැබෙන ප්‍රතිලාභවලට ප්‍රිය කරයි.

තම මිතුරන්ට රැකියාවට හෝ විශ්ව විද්‍යාලයට යාමට පැය එකක් හෝ දෙකක් ගත වන අතර තමාට Mt Isa රෝහලට යාමට ගත වන්නේ විනාඩි 5ක් වැනි සුළු කාලයක් බවයි ඔහු කියාසිටියේ.

තමාගේ සේවා ස්ථානයේ සිඩ්නි නගරයේ මෙන් නොව වාහන නතර කිරීමට ඕනෑ තරම් ඉඩ පහසුකම් ඇති අතර වාහන නතර කිරීමට මුදල් ද අය නොකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සීමාවාසික සහ උපාධිධාරියෙකු ලෙස ඔහුට නොමිලේ නවාතැන් පහසුකම් ද හිමි වන අතර සේවයෙන් පසු විවේකය ගත කිරීමට ද ප්‍රමාණවත් කාලයක් පවතින බව ඔහු සඳහන් කළා.

පහීරතන් පැවසුවේ තමාට ග්‍රාමීය රෝහල් වෙත යොමු වීමට අවශ්‍ය වූයේ එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සැබෑ සේවාවක් සිදු කළ හැකි බව තමා වටහා ගැනීම හේතුවෙන් බවයි.

රටේ සාම්ප්‍රදායික පදිංචිකරුවන්ට සාපේක්ෂව සිඩ්නි ආසන්නයේ වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් ඇති බව සංක්‍රමණිකයෙකු ලෙස තමා වටහා ගත් අතර ඉන් පිටස්තර ප්‍රදේශයට පැමිණීමේ අවශ්‍යතාවය එමගින් හඳුනා ගත බව ඔහු සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ සිඩ්නි නගරයට සාපේක්ෂව තමාගේ සේවා ප්‍රදේශයේ ජනතාව ද තමා සමග ඉතා මිත්‍රශීලි බවයි.

ක්වීන්ස්ලන්ඩ් රජය ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කිරීමේ අරමුණින් පසුගිය 2023 වසරේ සිට එවැනි ප්‍රදේශවල වැඩ භාර ගන්නා වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඩොලර් 70,000 දක්වා ප්‍රදාන පිරිනමනු ලබනවා.

එම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මෝටර් රථ දීමනාවක් සහ වෘත්තීය සංවර්ධන දීමනාවක් වැනි දීමනා රැසක් ද හිමි වනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »