ඔස්ට්‍රේලියාවේ පවතින ජීවන වියදම් අර්බුදය ද මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් බලපෑමක් ඇති කරන බව අනාවරණ වී තිබෙනවා.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජීවන වියදම් අර්බුදය මාර්ග ආරක්ෂාවට බලපාන බවට සාධක පවතින බවයි.
ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව අවම වීමත් සමග මෝටර් රථ හිමියන් තම මෝටර් රථ හොඳ තත්ත්වයක පවත්වා ගැනීම සඳහා වන පිරිවැය අඩු කිරීම මෙම තත්වයට හේතුව බවයි සඳහන් වන්නේ.
මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති මාරක රිය අනතුරු අනුපාතය වැඩි වන බැවින් රියදුරන් තම වාහන නිසි පරිදි රක්ෂණය කරබව ද පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
සමස්ත ඕස්ට්‍රේලියාව පුරා ප්‍රදේශ 87ක් කේන්ද්‍ර කර ගමින් සිදු කළ සමීක්ෂණයේදී හෙළිවී ඇත්තේ මෙරට මාරක රිය අනතුරුවලින් සියයට 76කටම නිසි නඩත්තුවක් නොමැති වාහන සම්බන්ධ බවයි.
එමෙන්ම තවත් රියදුරන් සියයට 25ක් ඔවුන්ගේ වාහනවලට අවශ්‍ය මූලික නඩත්තු කටයුතු පවා සිදු කර නොමැති බව සමීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.
රියදුරන් දහසකට වැඩි පිරිසකට යොදා ගනිමින් සිදු කළ සමීක්ෂණය මගින් අනාවරණ වි ඇත්තේ සෑම රියදුරන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුම මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණින් මෝටර් රථයේ අලුත්වැඩියාවන් තමන් විසින්ම සිදු කර ගන්නා බවයි.
මෝටර් රථ කාර්මිකයෙකු නොවන පුද්ගලයෙකු විසින් එලෙස සිදු කරන අලුත්වැඩියාවන් හේතුවෙන් මාර්ග ආරක්ෂාවට බලපෑමක් ඇති කරන බව ෆයින්ඩර්හි රක්ෂණ විශේෂඥයන් පෙන්වා දෙනවා.