සිඩ්නි ජනප්‍රිය වෙරළ තීරයක තිබූ මළ සිරුරු දෙකක් නිසා පොලිසියට සැකයක්

සිඩ්නි ජනප්‍රිය වෙරළ තීරයක් වන ලිට්ල් බේ ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

අද පෙරවරු 11.10 ට පමණ ලැබුණු තොරතුරකට අනුවයි පොලිසිය පැමිණ විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පොලිසිය කළ සෝදිසි මෙහෙයුමේදී ඒ ආසන්නයේ තිබී හිමිකරුවෙකු නොමැති භාණ්ඩ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයන් දෙදෙනා තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති බව සඳහන්.

පෙරවරුවේ එක් මළ සිරුරක් සොයාගනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් සිදු කළ සෝදිසියේදී අනෙක් මළ සිරුර හමුවී ඇත්තේ පස්වරු 1.40ට පමණයි.

මෙම මරණ සිදු වූ ආකාරය සම්බන්ධයෙන් සැකයක් පවතින අතර මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වි නොමැති බව ද පොලිසිය සඳහන් කළා.

ප්‍රදේශයේ තවමත් පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක අතර සිද්ධිය පිළිබඳ තොරතුරක් දන්නා අයෙකු අපරාධ අංශයට දැනුම් දෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »