Search

පිහියක් රැගෙන පොලිසියට ආ පුද්ගලයාට ගෙදර යන්න බැරි වෙයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ටවුන්ස්විල් හි කිර්වාන් පොලිස් ස්ථානය අසලදී පිහියකින් සන්නද්ධව සිටි පුද්ගලයෙකුට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් තිබෙනවා.

මියගොස් ඇති 46 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ රාත්‍රී 10ට පමණ පිහියක් අතැතිව කිර්වාන් පොලිස් ස්ථානය වෙත පැමිණ නිලධාරීන්ට තර්ජනය කර ඇති බවයි පැවසෙන්නේ.

පිහිය ඉවතට දමන ලෙසට පොලිස් නිලධාරීන් කළ නියෝගය නොතැකු එම පුද්ගලයාට වෙඩි තැබීමට සිදු වූ බව වැඩබලන අධිකාරී ජේසන් බ්‍රොස්නන් සඳහන් කළා.

පසුව පොලිස් නිලධාරීන් තුවාල ලැබූ පුද්ගලයට ප්‍රථමාධාර ලබාදුන්න ද ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා පොලිස් ස්ථානයට පැමිණි හේතුවක් අනාවරණ වී නැහැ.

මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ක්වීන්ස්ලන්ඩ් පොලිසිය පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රදේශවල නිලධාරීන්ට වඩා වැඩි ප්‍රමාණයක් වෙඩි තැබීමේ සිදුවීම්වලට සම්බන්ධ බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »