Search

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් ගැන කවුරුත් නොසිතූ අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් වෙත සිසුන් නොපැමිණීම වාර්තාගත ලෙස ඉහළ යමින් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

පසුගිය වසර පහක කාලය තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ පාසල් සිසුන්ගේ පන්ති මඟහැරීම විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ගුරු හිඟය, සිසුන්ගේ ගැටලුකාරී හැසිරීම්, කොවිඩ් ව්‍යාප්තිය සහ මානසික සෞඛ්‍යය වැනි කරුණු පන්ති මඟ හැරෙන වික්ටෝරියානු දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හේතුව බව සඳහන්.

2023 වසරේ පමණක් වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල්වල 7 ශ්‍රේණියේ සිටින සමස්ත සිසුන්ට දින මිලියනයකට වඩා වැඩි පාසල් කාලයක් මග හැරී ඇති බව අනාවරණය කර තිබෙනවා.

එය 2019 වසරට සාපේක්ෂව සියයට 41ක වර්ධනයක් බවයි පැවසෙන්නේ.

අධ්‍යාපන ප්‍රවීණයන් අනතුරු අඟවන්නේ ගුරුවරුන් ඇතුලු කාර්යමණ්ඩල ගැටලු සහ සිසුන්ගේ විනය විරෝධී හැසිරීම්වලට විසඳුම් ලබා නොදෙන්නේ නම් මෙම සංඛ්‍යා තවදුරටත් නරක අතට හැරෙනු ඇති බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »