Search

දරුවන් තුන් දෙනෙකුට ජීවිත අහිමි කළ සිඩ්නි නගරයේ ඛේදවාචකය

සිඩ්නි Lalor Park ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නක් හේතුවෙන් කුඩා ළමයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද අලුයම 1ට පමණ හට ගෙන ඇති මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 20ක් සහ ගිනි නිවන රථ හයක් පැමිණ තිබූ බව සඳහන්.

ගිලන් රථ වෛද්‍යවරුන් වයස අවුරුදු දෙක සහ හතර හැවිදිරි පිරිමි ළමයින් දෙදෙනෙකුට එම ස්ථානයේදී ම ප්‍රතිකාර ලබාදී වෙස්ට්මීඩ් රෝහලට ඇතුලත් කළ ද ඔවුන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න මැඩ පැවැත්වීමෙන් පසුව එම ස්ථානයේ තිබී තවත් 10 හැවිරිදි දැරියකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම ගින්න හේතුවෙන් තුවාල ලැබූ නව හැවිරිදි දැරියක් සහ වයස අවුරුදු 11, 7 සහ 6 යන වයස්වල පසුවන පිරිමි ළමයින් තිදෙනෙකුට ද මූලික ප්‍රතිකාර ලබාදී ගත කර ඇති බව සඳහන්.

ගින්නෙන් හටගත් දුම ආශ්වාස කිරීම හේතුවෙන් සඳහා 29 හැවිරිදි කාන්තාවක් ද රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධියට අදාළව 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු ද දුම ආශ්වාස කිරීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »