Search

අපරාධකරුවන්ට යන එන මං නැති වූ මෙල්බන්වල පොලිස් මෙහෙයුම

මෙල්බන්හි නිවාස සංකීර්ණ දෙකක සිදු කළ පොලිස් මෙහෙයුමකින් පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙළඳසැල් ගිනි තැබීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කර ගනිමිනුයිවික්ටෝරියා පොලිසිය මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ.

පාර්ක් ස්ට්‍රීට් සහ ඩොර්කාස් ස්ට්‍රීට් හි නිවාස සංකීර්ණ දෙක වෙත පොලිසිය පැමිණ ඇත්තේ අධිකරණයෙන් ලබා ගත් වරෙන්තු 20කට වඩා වැඩි ප්‍රමාණයක් සහිතවයි.

සොරකම්වලට සම්බන්ධ පුද්ගලයන්, මෝටර් රථ සොරකම් කරන්නන්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ පුද්ගලයන් සහ ගිනි තැබීම් ඇතුළු සිදුවීම්වලට සම්බන්ධ 15 දෙනෙකු ,මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය, අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමඟ නිල සුනඛ අංශයේ සහාය ද මේ සඳහා ලබාගෙන තිබුණා.

අත්අඩංගුවට පත්වූවන් අතර වයස අවුරුදු 23 ත් 59 ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු වනවා.

අවට ප්‍රදේශවාසීන් ද මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ඔවුන්ගේ කෘතඥතාව පළ කර ඇති අතර සියලු නිවැසියන්ට වටපිටාව තුළ ආරක්ෂිත ලෙස සිටීමට අවස්ථාව ලබාදීම අරමුණ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »