රජ පවුල අතහැරීමට තීරණය කල හැරී සහ මේගන් හෙලි කරන කතාව!

බ්‍රිතාන්‍යය රජ පවුලෙන් වෙන්ව සිටීමට තීරණය කර ඇති හැරී කුමරු සහ මේගන් මේ වන විට ජීවත් වන්නේ ඇමෙරිකාවේ යි.

ඔවුන් දෙපළ සහ බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙන් යම් ගැටලු මතුවූ බව සඳහන් වුණත් ඒවා රජ මාළිගයෙන් පිටතට නොපැමිණි රහස් බවට පත්ව තිබිණි.

කෙසේ වෙතත් හැරී කුමරුගේ බිරිඳ එවක මේගන් කුමරිය තමන්ට විඳින්නට සිදුවූ මානසික ගැහැට සියල්ල හෙළි කළේ ඔපෙරා වින්ෆ්‍රී සමග පසුගියදා සිදුකළ  රූපවාහිනී සංවාදයකදී ය.

මේගන්, කළු පැහැ මවකට හා සුදු ජාතික පියෙකුට දාව බිහිවූ තැනැත්තියක වූ අතර එම සමාජ තත්ත්වය විවාහයෙන් පසුව රජ පවුලේ කණස්සල්ලට හේතුවී තිබූ බව ඇය කියයි.

“ඔවුන් මගේ දරුවා උපදින්න ඉන්න කොට ඔහුගේ සමේ පාට කුමක් වේවිද යන්න පවා ප්‍රශ්න කළා. මම ඒ බොහෝ අවස්ථාවලදී නිහඬ උණා. නිහඬ උණා නෙමෙයි එහෙම ඉන්න වුනා ”

“මගේ පුතා ආචි ට රජ පෙළපත ලබා නොදෙන බවටත් ඔවුන් අවස්ථා ගණනකදී ඉඟි කළා”

“ඒ කවුද කියා කියන්න මට බැහැ”  එලෙස කතාකල අය ගැන කල විමසීමකදී ඇය පිළිවදන් දිණි.

බ්‍රිතාන්‍ය රජ පවුල සමග තමා ගෙවූ ජීවිතය දුෂ්කර වූ බවත් සමහර අවස්ථාවල “තවදුරටත් ජීවත්වීම අවශ්‍ය නැහැ” යනුවෙන් තමාට හිතුනු බවත් මේගන් පැවසුවාය.

“මම මගේ මිත්තණියට (එළිසබෙත් මහරැජණ) තුන් වතාවකුත් ,පියා (චාල්ස් කුමරු)ට දෙවතාවකුත් මේ ගැන කතාකළා. දැන් මම ඒ අය එක්ක කතාබහ නවත්වලා තියෙන්නෙ. අවසන් වරට කතාකල විට මගේ පියා කීවේ සියල්ල ලියා දන්වන ලෙසයි”

හැරී කුමරු සංවාදයට එක් වෙමින් එලෙස පවසා තිබිණි.

 

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළට

විදේශ රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් වංචනික ලෙස මුදල් එකතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »