ඔස්ට්‍රේලියාවේ වැඩිම කිඹුල් ගහණයක් ඇති ප්‍රාන්තය නොදන් ටෙරිටරි බව නව සමීක්ෂණ මගින් හඳුනාගෙන තිබෙනවා.
අවම වශයෙන් කිඹුලන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රාන්තයේ ජලාශ ආශ්‍රිතව සිටින බව ඇස්තමේන්තු කර ඇති අතර පසුගිය වසරේ කිඹුල් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ද මියගොස් තිබුණා.
පසුගිය අඟහරුවාදා තම පවුලේ අය සමග ඩාවින් නගරයට නිරිතදිගින් වූ ප්‍රදේශයේ ජලාශයක පිහිනමින් සිටි 12 හැවිරිදි දැරියක් ද කිඹුල් ප්‍රහාරයකට ලක්ව මියගිය බවටයි අනාවරණ වී ඇත්තේ.
දැරිය අතුරුදන් වූ ප්‍රදේශයේ කිඹුලන් ගැවසෙන බව ප්‍රදේශවාසීන් පවසන අතර දැරිය අතුරුදන්වීමත් සමග 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇය සොයා මෙහෙයුම් සිදු කළා.
බෝට්ටු සහ හෙලිකොප්ටර් ද යොදා ගනිමින් දැරිය සොයා මෙහෙයුම් ආරම්භ කළ ද මෙතෙක් සොයාගෙන ඇත්තේ අස්ථි කොටස් කිහිපයක් පමණයි.
මේ හේතුවෙන් පොලිසිය සඳහන් කර ඇත්තේ වගුරුබිම් ආශ්‍රිතව ගැවසීමේදී අවධානයෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසටයි.