අන්තර්ජාලයේ ආරක්ෂාව සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව රජය ගනු ලබන පියවර හේතුවෙන් ටින්ඩර් (Tinder), බම්බල් (Bumble), හින්ජ් (Hinge), ග්‍රයින්ඩ්‍ර (Grindr) වැනි Dating apps සම්බන්ධයෙන් නව නීති ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.
මෙවැනි යෙදවුම් පරිශීලනය කරන්නන්ගේ ආරක්ෂාව සහ Dating apps ක්ෂේත්‍රයේ නිසි නීති පද්ධතියක් තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහි පියවර ගැනීම මෙහි අරමුණයි.
ෆෙඩරල් රජය කරන ලද ඉල්ලීමකට අනුවයි මෙරට ක්‍රියාත්මක සියලුම Dating apps හිමිකරුවන් නව නීති මාලාවකට අනුකූල වීමට එකඟ වී ඇත්තේ.
මෙම App භාවිතා කරන විට ඒවාට හානි වන ආකාරයේ සිදුවීම් හඳුනා ගැනීමට, ආරක්ෂක ප්‍රතිපත්ති උල්ලංඝනය කරන පරිශීලකයින්ගේ ගිණුම් මකා දැමීම වැනි ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිතයි.
පරිශීලකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවලදී මෙම යෙදවුම්වල හිමිකරුවන් ඒ සම්බන්ධ වාර්තා ප්‍රකාශයට පත් කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දිය යුතු වනවා.
සන්නිවේදන අමාත්‍ය මිචෙල් රෝලන්ඩ්ස් ප්‍රකාශ කළේ වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුළ තමාට සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක් සොයා ගැනීමේ වඩාත් ජනප්‍රිය ක්‍රමය Dating apps බවයි.
ඔස්ට්‍රේලියානුවන් ලිංගික හිංසනයෙන් සහ අන්තර්ජාල අවකාශයන්වල සිදුවන අපයෝජනයන්ගෙන් ආරක්ෂා කිරීමට මෙම නව නීති මගින් අපේක්ෂා කරන බව සමාජ සේවා අමාත්‍ය අමන්දා රිෂ්වර්ත් ප්‍රකාශ කළා.
මෙම නීති පරිපාලනය කිරීම සහ Dating apps සමාගම් නීතිරීතිවලට අනුකූල වන බව සහතික කිරීම සඳහා අධීක්ෂණ ආයතනයක් ද පිහිටු වීමට නියමිතයි.