ජීවන වියදම් පීඩනය සහ ඉහළ යන පොලී අනුපාත හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සුපිරි වෙළඳසැල් ඇතුලු ස්ථානවල සොරකම් ඉහළ යාමට ද හේතුවී ඇතැයි අනාවරණ වී තිබෙනවා.
අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්සියේ නව දත්තවල දැක්වෙන්නේ හඳුනා ගත් ප්‍රධානතම වැරදි අතර සිල්ලර භාණ්ඩ සොරකම් සහ මෝටර් රථ සොරකම් සමඟ සමස්ත අපරාධ අපරාධවල සියයට 7.9ක වැඩිවීමක් පවතින බවයි.
ආර්ථික දුෂ්කරතා හමුවේ බොහෝ පිරිසක් මෙවැනි සොරකම් සඳහා යොමු වන බවට පොලිසිය සැක කරන අතර සුපිරි වෙළඳසැල්වල සිදු වූ සොරකම්වලට සම්බන්ධ සියයට 50ක් පමණ පළමු වරට එවැනි සොරකම්වල නිරත වූවන් බව සඳහන්.
පසුගිය වසරට සාපේක්ෂව වෙළඳසැල්වල සොරකම් 7635 කින් ඉහළ ගොස් 29,747 දක්වා වැඩි වී ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සොරකම් කර ඇත්තේ ආහාර, මත්පැන් සහ සිල්ලර බඩු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වනවා.
වික්ටෝරියා පොලිසියේ අපරාධ අංශයේ වැඩබලන නියෝජ්‍ය කොමසාරිස් බ්‍රෙට් කරන් සඳහන් කළේ මෙවැනි සොරකම් ප්‍රධාන වශයෙන් ජීවන වියදම් පීඩනය හමුවේ සිදුවන බවට විශ්වාස කරන බවයි.
මෝටර් රථය සොරකම් සංඛ්‍යාව 9281කින් ඉහළ ගොස් ඇති අතර, පොලිසිය පැවසුවේ එම සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පෙර මට්ටමට වඩා අඩු වී ඇති බවයි.
මේ අතර පසුගිය මාස 12ක කාලසීමාව තුළ පවුල් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීම් 96,000කට ආසන්න සංඛ්‍යාවක් පොලිසියට වාර්තා කර ඇති අතර ඉන් බොහෝ ප්‍රමාණයකට නිලධාරීන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
පොලිසියේ වාර්තාවල දැක්වෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ සෑම විනාඩි හයකට වරක් පවුල් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීමක් වාර්තා වන බවයි.