කුලී නිවාස නිසා ඔස්ට්‍රේලියානු ජනතාවට තවත් ප්‍රශ්නයක්

කුලී නිවාස අර්බුධ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ තදාසන්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි ආතතියෙන් පසුවන බව නවතම අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.

දැරිය හැකි කුලී පදනම, මිලදී ගැනීමේ හැකියාව, පවතින කුලී නිවාස පුරප්පාඩු යන නිර්ණායක 7ක් ඔස්සේ Suburbtrends (සබර්බ්ත්‍රෙන්ඩ්) කණ්ඩායම විසින් අධ්‍යයනය සිදුකර තිබුණා.

සමීක්ෂණයට සහභාගිවූවන් අතුරින් සියයට 75කට වැඩි පිරිසක් දැරිය නොහැකි නිවාස කුලී අර්බුධය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව සදහන්.

ක්වින්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ට්‍රේලියානු කලාපවල ජීවත් වන ජනතාව මෙලෙස දැඩි ආතතියෙන් පසුවන බව සදහන්.

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තදාසන්න ප්‍රදේශ 10ක් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තදාසන්න ප්‍රදේශ 7ක ජනතාව දැරිය නොහැකි කුලී ආතතිය හේතුවෙන් දැඩි පිඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ පවතින කුලී නිවාස අර්බුධය සදහා හදිසි විසදුම් අත්‍යාවශ්‍ය වන අතර තවදුරටත් මෙලෙසෙ නිවාස මිල අගය ඉහල යෑම ජනතාව මත වැඩි පීඩනයක් ඇති කරන බව සදහන්.

මේ සදහා තිරසර විසදුම් යෝජනා ප්‍රාන්ත රජයන් විසින් ඉදිරිපත් කෙරුණද එම යෝජනා මෙතෙක් ක්‍රියාවට නංවා නැහැ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »