Search

මෙල්බන්වල කසළ බඳුනක කාන්තා මළ සිරුරක්

මෙල්බන් නගරාසන්නයේ පිහිටි අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක කසළ ගොඩක තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එපිං හි (Epping) පිහිටි මෙම අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයෙන් හමුවූ කාන්තා සිරුර සම්බන්ධයෙන් පුද්ගල ඝාතනයක් ලෙස සලකා විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම ස්ථානයට අපද්‍රව්‍ය රැගෙන යන කාර්ය මණ්ඩලය විසින් මෙම සිරුර සොයාගෙන ඇති අතර මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාවක් මෙතෙක් හෙළිවී නැහැ.

පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව සිරුර හඳුනා ගැනීමේ විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.

පොලිසිය පැවසුවේ පසුගිය අඟහරුවාදා කූලරූ (Coolaroo) ප්‍රදේශයේ පිහිටි ඉඩමකින් මෙම මෙම අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට රැගෙන යන ලද කසළ බඳුනක් තුළ කාන්තාව සිටි බවට විශ්වාස කරන බවයි.

මෙහිදී නිශ්චිතව සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීමට පොලිස් නිලධාරීන් CCTV දර්ශන ලබා ගනිමින් විමර්ශන සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »