ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම පවතින කුලී නිවාස අර්බුධය හේතුවෙන් රැකියාවල නිරත වූවන් ඇතුලු බොහෝ පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.
සාමාන්‍යයෙන් දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීමට නොහැකි වීම හමුවේ බොහෝ පිරිසක් නිවාස නොමැතිව සිටින බවයි සඳහන් වන්නේ.
කුලී අඩු මුදලකට කුලී නිවාස සොයා ගැනීමට නොහැකි මෙවැනි තත්වයක් තුළ සිඩ්නි නගරයේ මහල් නිවාසයක බැල්කනියක් ද කාමරයක් ලෙස කුලියට දීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබෙනවා.
බිල්පත් ගාස්තු ද ඇතුලුව එය සතියකට ඩොලර් 360ක මුදලකට ලබා ගත හැකි බවයි දැන්වීම පළ කළ නිවස හිමිකරුවන් සඳහන් කර ඇත්තේ.
මෙම වසරේ ජුනි මාසය වන විට සිඩ්නි නගරයේ සාමාන්‍ය නිවාස මිල සතියකට ඩොලර් 750ක වාර්තාගත ඉහළ මට්ටමක පැවති බව මෑතකාලීන වාර්තා පෙන්වා දෙනවා.
කෙසේවෙතත් මේ වන විට වැඩි මිලකට කුලී නිවාස ලබා ගැනීමට නොහැකි වීම, ඉල්ලුම අඩු වීම සහ සංක්‍රමණ අඩුවීම හේතුවෙන් නිවාස මිල වැඩි වීම නතර වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්වය මත නිවාස හිමිකරුවන් කුලී කොන්දේසි ලිහිල් කරන බව නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.