බෑන්ක්ස්ටවුන් (Bankstown) දුම්රිය මාර්ගය වසා දැමීමෙන් පසු ඊට සමගාමීව ධාවනය කිරීමට නියමිත බස් සේවාවට අවශ්‍ය රියදුරන් 200ක් නිව් සවුත්වේල්ස් රජය මෙතෙක් බඳවාගෙන නොමැති බවට චෝදනා එල්ල වනවා.
රියදුරන් රහිත මෙට්‍රෝ දුම්රිය සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා මෙම මාර්ගය එළඹෙන සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේදී වසා දැමීමටයි සැලසුම් කර ඇත්තේ.
ප්‍රාන්ත රජය අවධාරණය කර ඇත්තේ කාර්යබහුල සිඩ්නි දුම්රිය මාර්ගය වසරක් පුරා වසා දැමීමට සිදුවීම හේතුවෙන් බස් රථ සේවාවක් සඳහා ප්‍රමාණවත් රියදුරන් සිටින බවයි.
වසා දැමීමට නියමිත මාර්ගයේ දිනකට ගමන් වාර 50,000කට වඩා සිදු කරනු ලබන අතර එහි Sydenham සහ Bankstown අතර කොටස වසා දැමීමට සැලසුම් කර ඇත්තේ රියදුරන් නොමැති Metro දුම්රිය සේවාවක් සඳහා මාර්ගය සංවර්ධනය කිරීමේ අරමුණින්.
එහිදී අපහසුතාවට පත්වන මගීන් සඳහා බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය රියදුරන් 200න් 140ක් මේ වන විට කුලියට ගෙන තිබෙනවා.
ඉතිරි රියදුරන් 60 සඳහා අර්ධකාලීන හෝ වෙනත් පහසු සේවා මුරවලට පැමිණිය හැකි අමතර මුදලක් අපේක්ෂාවෙන් පසුවන පුද්ගලයන්ට අවස්ථාව ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.
මෙම තාවකාලික රැකියාවේ පූර්ණ කාලීන රියදුරන්ට වසරකට ඩොලර් 70,000ක වැටුපක් හෝ පැයකට ඩොලර් 35ක් පමණ ගෙවනු ඇති.
කෙසේවෙතත් ප්‍රවාහන සේවක සංගම් චෝදනා කරන්නේ අවශ්‍ය රියදුරන් නියමිත වේලාවට බඳවා ගැනීමට නොහැකි වන අතර ඊට අවශ්‍ය පුහුණුව හේතුවෙන් ඔවුන් නියමිත වේලාවට පුහුණු වනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි.