CEOටත් වැඩිය පඩි ගන්න ඔස්ට්‍රේලියාවේ රැකියා 10ක්

ඔස්ට්‍රේලියාවේ ආයතනවල ප්‍රධාන විධායක නිලධාරියෙකුට වඩා වැඩි වැටුපක් ලබා දිය හැකි රැකියා දහයක් සම්බන්ධයෙන් නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මෘදුකාංග සමාගමක් වන Employment Hero විසිනුයි ප්‍රධාන විධායක නිලධාරීන්ට (CEOs) වඩා ඉහළ ඉපැයීමේ හැකියාවක් ඇති රැකියා 10ක් මෙලෙස හෙළිදරව් කර ඇත්තේ.

රැකියා සහ වැටුප් සම්බන්ධයෙන් සමීක්ෂණය කෙරෙන Smart Matchහි නව දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විධායක නිලධාරියෙකුට සාමාන්‍යයෙන් ඩොලර් 221,000ක පමණ මධ්‍ය වාර්ෂික වැටුපක් පවතිනවා.

එහෙත් ඇතැම් ආයතනවල CGO තනතුර දරන්නන්ට වාර්ෂික වැටුප ඩොලර් 266,000ක් පමණ වන බව සඳහන්.

ප්‍රධාන විධායක නිලධාරීන්ට සාපේක්ෂව වැඩිම වැටුප් ලබන සේවකයින් අතරින් දෙවන තැන ලැබී ඇත්තේ ප්‍රධාන ආයෝජන නිලධාරියාටයි.

සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රධාන ආයෝජන නිලධාරියෙකු ලෙස රැකියාවේ නිරත වූවන්ට ඩොලර් 264,000 ක මධ්‍ය වැටුපක් උපයා ගැනීමේ හැකියාව ඇති බවයි.

එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන තැන General counsel තනතුරට හිමි වන අතර නීතිමය අත්දැකීම් ඇති අයට එම රැකියාවේ නිරත වීමෙන් ඩොලර් 258,000 ක වාර්ෂික වැටුපක් උපයා ගත හැකි බව සඳහන්.

Development director, Chief commercial officer, Radiologist, Country manager, Director of engineering, Chief customer officer සහ Regional director වැඩිම වැටුප් ලබන අනෙකුත් නිලධාරීන් අතරට අයත්.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »