Search

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන් බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.

ඒ අනුව ස්ට්‍රැට්ෆර්ඩ් ඇන්ඩ් බොව් (Stratford and Bow) ආසනයේ පළමු මන්ත්‍රීවරිය ලෙස ඇය මෙලෙස තේරී පත්වී ඇති බවයි සඳහන් වන්නේ.

වසර 14කට පසු බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය ජයග්‍රහණය කළ ලේබර් පක්ෂයෙන් තරග කළ ඇය ඡන්ද 19145 ක් ලබා ගනිමින් මෙලෙස තේරී පත් වී තිබෙනවා.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් උමා කුමරන් ප්‍රකාශ කර තිබුණේ තමා උපත ලැබුවේ නැගෙනහිර ලන්ඩනයේ වන අතර ශ්‍රී ලංකාවේ පැවති යුද සමයේ තම දෙමාපියන් එක්සත් රාජධානියට පැමිණ ඇති බවයි.

සැබෑ සරණාගත ඉල්ලීමක් ඇති එක්සත් රාජධානියේ දෙමළ ජනතාව නැවත අනතුරට ලක්වීමට ඉඩ නොතබන බව ද ඇය ප්‍රකාශ කර තිබුණා.

උමා කුමරන් ක්වීන් මේරි විශ්ව විද්‍යාලයෙන් ආධ්‍යාපනය ලබා ඇති අතර බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය වෙනුවෙන් සේවය කර තිබෙනවා.

ලන්ඩනයේ නගරාධිපති සදික් ඛාන් වෙනුවෙන් දේශපාලන කටයුතුවල නිරතව ඇති ඇය දේශගුණික විපර්යාස පිළිබඳ ආයතනයක මහජන සම්බන්ධතා නිලධාරිණිය ලෙස ද සේවය කර ඇති බවයි සඳහන් වන්නේ.

කම්කරු අයිතීන් පිළිබඳ අදහස තම පවුලෙන්ම පැමිණෙන්නක් වන අතර තමාගේ සීයා යාපනයේ පළමු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අතුරින් කෙනෙක් වන බව උමා කුමරන් ප්‍රකාශ කර තිබෙනවා.

තම පවුලේ සාමාජිකයන් ලන්ඩනය​, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාව යන රටවල විසිර ඇති අතර යුද ගැටුම් හේතුවෙන් පවුල මෙලෙස මෙසේ විසිර පැවතීම කණගාටුදායක බවයි ඇය පවසන්නේ.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »