Search

උපන්දින අංකයක් නිසා වික්ටෝරියානු වැසියෙකුට ඩොලර් මිලයන 12ක්

ලොතරැයි දිණුම් ඇදීම් සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් නොමැතිව සිටි වික්ටෝරියා ප්‍රාන්ත පුද්ගලයෙකුට ඩොලර් මිලියන 12ක ජයග්‍රාහි ලොතරැයි මුදලක් හිමිවීමේ සිදුවීමක් වාර්තා වනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම ජයග්‍රාහකයා ප්‍රකාශ කර ඇත්තේ රූපවාහිනිය ඔස්සේ ලොතරැක් දිනුම් ඇදීමක් අවසන් වරට නැරඹු දිනයක් පවා මතකයේ නොමැති බවයි.

අහඹු ලෙස මිලදී ගත් ලොතරැයියට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති Powerball දිණුම් ඇදීමෙන් ඩොලර් මිලියන 12ක මුදලක් හිමිවීම පිළිබඳ තමා අතිශයින් පුදුමයට පත්වූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ලාරා (Lara) ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු මෙම අනපේක්ෂිත ජයග්‍රහණය පිළිබඳ සතුටු වන අතරම ලොතරැයි පත මිලදී ගැනීමේදී සැලකිලිමත් වූ අංක සම්බන්ධයෙන් ද ඔහු හෙළි කර තිබුණා.

තම ජීවිතයට වඩාත් සමීප අයෙකුගේ උපන්දින හා සම්බන්ධ අංක යටතේ මෙම ලොතරැයි පත මිලදී ගත් බවයි ජයග්‍රාහකයා කියාසිටියේ.

Laraහි Lotto Cards and Gifts වෙතින් මිලදී ගත් මෙම ලොතරැයියෙන් ලැබූ ත්‍යාගය තම ජීවිතයට ඉතාමත් ප්‍රයෝජනවත් වන අතර නුදුරේදීම තම රැකියාවෙන් ද විශ්‍රාම ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »