Search

ශ්‍රී ලාංකිකයන්ට ගෞරවයක් එක් කරමින් නීතීඥ රනීතා ඥානරාජා 2021 ජාත්‍යන්තර කාන්තා ධෛර්යය සම්මානයට (IWOC)හිමිකම් කියයි!

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් විසින් පිරිනමන ලද 2021 ජාත්‍යන්තර කාන්තා ධෛර්යය සම්මානය (IWOC) ලබාගත් අය අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන​ නීතිඥ රනීතා ඥානරාජා ද සිටී.

ඇය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පැවති සමයේ රජයේ තර්ජන හා අභියෝග මධ්‍යයේ වුවද, රටේ ආන්තික හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කර ඇති අතර​ බලහත්කාරකම්, අතුරුදහන් වීම් වලට ගොදුරු වූවන් සහ වසර ගණනාවක් තිස්සේ සිරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් වගකිවයුතු සහ යුක්තිය වෙනුවෙන් රනීතා සිය වෘත්තිය කැප කර ඇති අතර, නොමිලේ නීති ආධාර සහ ඒ ආශ්‍රිත සේවාවන් ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර ගණනාවක් තිස්සේ තම සේවාවන් කිරීමට ඇප කැප වී සිටියාය​.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා යුක්තිය සහ වගවීම කෙරෙහි රනිතා ඉමහත් ආශාවක් හා කැපවීමක් පෙන්නුම් කර ඇත.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ ලොව පුරා සිටින මෙවැනි ශ්‍රේෂ්ඨ​ කාන්තාවන්ට ගෞරව දැක්වීම සඳහා වාර්ෂික IWOC සම්මාන උළෙලේ උත්සවය, රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන් විසින් සඳුදා (මාර්තු 08) එනම්, ලෝක කාන්තා දිනයේදී පවත්වනු ඇති බවයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »