මෙල්බන් ඇතුලු ප්‍රදේශ කිහිපයක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණික තත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනාවැකි පලකර තිබෙනවා.

විශේෂයෙන් සිඩ්නි නගරයට මෙම සති අන්තය තුළ වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වනු ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේ වැඩිම වර්ෂාපතනයක් සිඩ්නි නගරයෙන් වාර්තා වූ අතර එම තත්වය මෙම සති අන්තයේත් අපේක්ෂා කරන බවයි කාළගුණ විශේෂඥයින් සඳහන් කර ඇත්තේ.

ටස්මේනියා ප්‍රාන්තය ද ඔස්ට්‍රේලියාවේ ශීතලම ප්‍රාන්ත අතුරින් දෙවන තැනට පත්වී තිබෙනවා.

වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවලට මෙම සති අන්තයේ හිම පතනයන් ද අපේක්ෂා කරන අතර ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුයි.

මෙල්බන් නගරයට ද මෙම සති අන්තයේ හිම පතනයන් සිදු විය හැකි බව දැනුම් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »