රැකියා ජීවිතයේ සමතුලිතතාවය පවත්වාගෙන යාම සඳහා ලොව හොඳම යුරෝපීය රටවල් 10 නම් කර තිබෙනවා.
වැඩ කරන පැය ගණන, දින ගණන සහ රැකියාවල නියුතු පුද්ගලයින්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය මත පදනම්වයි මෙම අධ්‍යනය සිදු කර ඇත්තේ.
Timeout සඟරාව විසින් එළි දක්වා ඇති කරුණුවලට අනුව බොහෝ රටවල පුද්ගලයින් රැකියාව සම්බන්ධ තෘප්තියකින් ජීවත් නොවන බව සඳහන්.
එවැනි තත්වයක් මත වුව ද සතුටින් රැකියාව සඳහා පිටත්ව යන පිරිසක් සිටින රටවල් අතුරින් පළමු තැනට පත්වී ඇත්තේ ජර්මනියයි.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය ඩෙන්මාකයටත් තුන්වන ස්ථානය නොර්වේ රාජ්‍යයටත් හිමිව තිබෙනවා.
රටේ සංකෘතිය, රැකියාව පිළිබඳ ආකල්ප සහ රැකියා ස්ථාන තෘප්තිය, රැකියා අයිතිවාසිකම් යන සාධක මත මෙම නම් කිරීම සිදු කර තිබුණා.
නෙදර්ලන්තය සතුටින් රැකියා කරන මිනිසුන් සිටින 4වන හොදම යුරෝපා රාජ්‍ය වන අතර ස්වීඩනය පස්වන ස්ථානය හිමිකර ගෙන තිබුණා.
ඒ අනුව එම රටවල් 10 පිළිවෙලින්
1. Germany
2. Denmark
3. Norway
4. Netherlands
5. Sweden
6. Austria
7. Iceland
8. Luxembourg
9. Finland
10. Türkiye