වසර 14කට පසු බ්‍රිතාන්‍යයට අලුත් වෙනසක්

එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් ලේබර් පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම සමග නව අගමැති ලෙස කෙයර් ස්ටාමර් (Keir Starmer) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ලේබර් පක්ෂය වසර 14කට පසු පළමු වරට කොන්සර්වේටිව් පක්ෂය පරාජය කර බලය අත්පත් කර ගැනීම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලෙසටයි සැලකෙන්නේ.

සවස 2 පමණ වන විට ප්‍රකාශ වී තිබූ ප්‍රතිඵලවලට අනුව බහුතරය සඳහා අවශ්‍ය ආසන 326 ලේබර් පක්ෂය ලබාගෙන තිබෙනවා.

මේ අතර මෙවර මහ මැතිවරණයේදී කොන්සෙවටිව් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමා භාරගන්නා බව අගමැති රිෂි සුනක් ප්‍රකාශ කළා.

මේ අතර රිෆෝර්ම් පක්ෂ නායක නයිජල් ෆරාජ් සඳහන් කළේ තම මීළඟ ඉලක්කය වන්නේ ලේබර් පක්ෂය වෙත ඡන්දය ලබාදුන් ජනතාව තමන් වෙන ආකර්ශණය කරගැනීම බවයි.

ලේබර් පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය එතරම් විශාල ප්‍රතිශතයක් නොවන බව තම ආසනය වන ක්ලැක්ටන් ජයගැනීමෙන් අනතුරුව ඔහු සඳහන් කර තිබෙනවා.

රිෆෝර්ම් පක්ෂය මෙවර මැතිවරණයේදී ආසන කිහිපයක් දිනාගන්නා බව පෙනී ගොස් ඇති අතර සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ද ලබාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »