ඔස්ට්‍රියාවේ ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත ලබා ගත් පුද්ගලයෙක් මිය ගිය පසු එම එන්නත් තොගය බෙදා දීම අත්හිටුවයි!

එක් පුද්ගලයෙකුගේ මරණයක් සහ තවත් අයෙකුගේ රෝගී තත්වයක් පිළිබඳ වාර්තා වීමත් සමඟම ඒ පිළිබඳව විමර්‍ෂණය අරඹා ඇති අතර  ඔස්ට්‍රා බලධාරීන් විසින් ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත් කිරීම් තාවකාලිකව​ අත්හිටුවා තිබේ.

ඔස්ට්‍රියා සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත ලබා ගත් 49 හැවිරිදි කාන්තාවක් දරුණු ලේ​ කැටි ගැසීමේ ආබාධයක් හේතුවෙන් මිය ගිය අතර 35 හැවිරිදි කාන්තාවක් pulmonary embolism නැමති රෝගයක් වැළඳී සුවය ලබමින් සිටින බවයි.

සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ඔස්ට්‍රියානු ෆෙඩරල් කාර්යාලය පැවසුවේ රුධිර කැටි ගැසීම මෙම​ එන්නතෙහි දන්නා අතුරු ආබාධ අතර නොවන අතර ඒ පිළිබඳව විමර්‍ෂණය කරමින් සිටින බවයි.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »