මෙල්බන්හි විශේෂ පොලිස් මෙහෙයුමක් නිසා ආරක්ෂාව දැඩි කරයි

මෙල්බර්න් සෙඩන් (Seddon) ප්‍රදේශයේ විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වන බැවින් එම ප්‍රදේශයට නොපැමිණෙන ලෙසට ජනතාවගෙන් පොලිසිය ඉල්ලීමක් කර තිබෙනවා.

ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම සිදු කෙරෙන බවටයි වාර්තා වන්නේ.

අද සවස 2 ට පමණ Seddon හි Victoria St වසා දමා පොලිසිය ප්‍රදේශයේ නිවසක් වට කර ආරක්ෂාව දැඩි කර ඇති බව සඳහන්.

වික්ටෝරියා පොලිසිය පැවසුවේ තමන් අදාළ පුද්ගලයා සමග සාකච්ඡා කරමින් සිටින අතර ඔහු ආයුධ සන්නද්ධව සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වී ඇති බවයි.

කෙසේවෙතත් මෙමගින් ජනතාවට කිසිදු අවදානමක් නොමැති අතර එම ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »