Search

වෙනස් වූ වීසා නීති ගැන කියන්න ශ්‍රී ලාංකික සංක්‍රමණ නීතිවේදීන් සහ නියෝජිතයන් මෙල්බන්වල එකම තැනකට

2024-2025 නව මූල්‍ය වර්ෂයත් සමග ඔස්ට්‍රේලියාවේ වෙනස්කම්වලට ලක්වූ වීසා නීති ඇතුලු ගැටලු සම්බන්ධයෙන් එකම තැනකදී තොරතුරු දැන ගැනීමට අවස්ථාවක් ලබාදීම සඳහා AusLanka TV ආයතනය පියවර ගෙන තිබෙනවා.

Migration Face to Face 2024 වැඩසටහන තුලදී ඔබට ඔස්ට්‍රේලියාවේ සිටින හොඳම ශ්‍රී ලාංකික සංක්‍රමණ නීතිවේදීන් සහ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් මඟින් වීසා ඇතුලු ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙහිදී ඔස්ට්‍රේලියාවේ සියලුම Sponsor Visa, Student Visa, Skilled Visa, Temporary Graduate Visa වැනි සියලුම වීසා කාණ්ඩ හිමියන්ට ඇති ගැටලුවලට විසඳුම් ශ්‍රී ලංකික සංක්‍රමණ නියෝජිතයන් පෞද්ගලිකවම හමුවී උපදෙස් ලබා ගැනීමට ද අවස්ථාව ලබා දී තිබෙනවා.

අගෝස්තු මස 3 වන සෙනසුරාදා පෙරවරු 11 සිට මෙම වැඩසටහන පැවැත්වෙන්නේ Deakin University Burwood Campus හිදී යි.

Migration Face to Face 2024 වැඩසටහන සඳහා ඉතා අඩු මුදලකට ප්‍රවේශ පත්‍ර ලබාදීමට සූදානම් කර ඇති අතර පහත link එක ඔස්සේ එම ප්‍රවේශ පත් මිලදී ගත හැකියි!

https://www.auslankatv.com/archives/auslankatickets/migration24

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »