Search

ශ්‍රී ලංකාවේ සවින්ද්‍රි ඔස්ට්‍රේලියා MasterChef තරඟාවලියේ අවසන් 5 අතරට

MasterChef Australia තරඟාවලියේ අවසන් පස්දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකීය තරඟකාරියක් වන සවින්ද්‍රි පෙරේරා සමත්වී තිබෙනවා.

ඇය මෙම තරගාවලියේ එක් වටයකදී ඉවත් වීමට සිදු වූ අතර ඇයගේ කෑම සකස් කිරීමේ දක්ෂතා සහ ඉදිරිපත් කිරීමේ හැකියාවන් හේතුවෙන් නැවත තරගය සඳහා අවතීර්ණ වීමට විනිශ්චය මණ්ඩලය අවස්ථාව ලබාදී තිබුණා.

ඇය සකස් කරන ලද ශ්‍රී ලාංකීය ආහාරවලට විනිසුරුවන් අතිශයින් ප්‍රිය කිරීම හේතුවෙන් මෙම අවස්ථාව ලැබුණු අතර මෙම තරුණිය නැවතත් තම හදවත්වලට පිවිසිණු බවයි විනිසුරුවරුන් සඳහන් කළේ.

මෙවර තරගවටය සදහා ඇය ඉදිරිපත් කර තිබුණේ කුකුල්මස් කරියක් වන අතර ඒ පිළිබද අදහස් දක්වමින් ඇය සංවේදී වුණා.

මෙම මස් කරිය පිස ඇත්තේ ඇයගේ මවගේ වට්ටෝරුවකට අනුව වන අතර තම මව ශ්‍රී ලාංකීය කුලුබඩු යොදා මස්කරිය රසවත් කරන ආකාරය ගැන ඇය එහිදි සඳහන් කළා.

MasterChef තරගාවලියක් තුළ මෙලෙස ශ්‍රී ලාංකීය ආහාරවේලක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන තමන් ආඩම්බර වන බවයි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඇය කියා සිටියේ.

සවින්ද්‍රි පෙරේරා මීට පෙර තරඟවල සකස් කරනු ලැබූ රසවත් ශ්‍රී ලාංකීය ආහාරවල රස බැලීමෙන් පසුව MasterChef Australia විනිසුරුවන් තරඟයට නැවත පැමිණීම සඳහා සවින්ද්‍රි තෝරා ගෙන තිබුණා.

වයස අවුරුදු 18 දී ඇඩිලේඩ් වෙත පැමිණෙන ඇය එතෙක් ජීවත් වූ ශ්‍රී ලංකාවේ, ග්‍රාමීය ඉවුම් පිහුම් විලාසය මෙන්ම පිළිගැන්වීම ඇගයීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

තරඟය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා රැකියාවෙන් පවා ඉවත් වූ ඇය, MasterChef Australia තරඟාවලියේ ඉදිරි තරග වට සඳහා සූදානම් වෙමින් පසු වනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »