දරුවන් හය දෙනෙකු සමග පර්ත් Lionel Streetහි සුපිරි වෙළඳ සංකීර්ණයක් ආසන්නයේදී මෝටර් රථයක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
39 හැවිරිදි සැකකරු ඊයේ වයස අවුරුදු එකත් නවයත් අතර ළමුන් හය දෙනෙකු සිටි SUV රථයක් සොරකම් කළ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.
මෙම සිදුවීමත් සමග ආරක්ෂක අංශ අදාළ වාහනය පසුපස හඹා ගොස් ඇති අතර එහිදී ඔහු මෝටර් රථය දමා එම ස්ථානයෙන් පලා ගිය බව පොලිසිය ප්‍රකාශ කළා.
ළමයින් නිරුපද්‍රිතව බේරා ගෙන ඇති සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
වාහනය සොරකම් කිරීම, බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම සහ ඇප කොන්දේසි කඩ කිරීම ඇතුලු චෝදනා හයක් යටතේ නඩු පැවරීමට නියමිතයි.