Search

NT ප්‍රාන්තයේ ජලාශයක පිහිනමින් සිටියදී අතුරුදන් වූ දැරිය හමුවූ හැටි

නෝර්තන් ටෙරිටරි ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයක ජලාශයක පිහිනමින් සිටියදී අතුරුදන් වූ දැරියගේ බවට සැක කෙරෙන සිරුරු කොටස් කිහිපයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.

පසුගිය අඟහරුවාදා සවස 5.30ට පමණ ඩාවින් සිට කිලෝමීටර් 350ක් දුරින් පිහිටි මැංගෝ ක්‍රීක් හි පිහිනමින් සිටියදීයි මෙම දැරිය අතුරුදන් වූ බවට පොලිසියට තොරතුරු වාර්තා වී ඇත්තේ.

එම අවස්ථාවේ ඇය පවුලේ සාමාජිකයන් සමඟ සිටි බව සඳහන්.

ඔවුන් දැරිය අතුරුදන් වීම සමග පොලිසියට දැනුම් දී තිබුණේ තම දියණිය කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වන්නට ඇතැයි සැක කෙරෙන බවටයි.

මෙම අතුරුදන් වීම දැරියගේ පවුලේ අයට මෙන්ම සමස්ත සමාජයටම සැබවින්ම ඛේදජනක සිදුවීමක් බව පොලිසිය ප්‍රකාශ කළා.

බෝට්ටුවක් සහ හෙලිකොප්ටරයක් ​​ද යොදා ගනිමින් අතුරුදන් වූ දැරියගේ සලකුණක් තිබේදැයි සොයා බැලූ අතර පොලිසිය කිඹුල් කළමනාකරණ නිලධාරීන් කණ්ඩායමක් ද මෙහෙයුම් සඳහා සහභාගී කරගෙන තිබුණා.

එහෙත් දැරිය අතුරුදහන් වූ ස්ථානය ආසන්නයේ කිඹුලෙකු දක්නට නොලැබුණු බව සඳහන්.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »