Search

ඔස්ට්‍රේලියාවේ 5න් 1ක් ආබාධිත වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් ආබාධිත තත්වයෙන් පෙළෙන බව ජන හා සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත පෙන්වා දී තිබෙනවා.

එම අගය මෙරට සමස්ථ ජනගහනය හා සැසඳීමේ දී මිලියන 5.5ක් වන අතර 2018 වසරේ දී මෙම අගය සටහන්ව තිබී ඇත්තේ මිලියන 4.4ක් ලෙසයි.

ආබාධිත පුද්ගලයින්, වයස්ගත පුද්ගලයින් හා රැකබලාගන්නන් පිළිබඳ සිදු කළ අධ්‍යනයකින් අනතුරුව මෙම වාර්තාව නිකුත් කර තිබුණා

එහි දැක්වෙන තොරතුරු අනුව සෑම වයස් කාණ්ඩයකම පිරිමි පුද්ගලයන්ට සාපේක්ෂව කාන්තාවන් අබාධිත වීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බව සඳහන්.

අවුරුදු 15 හෝ ඊට වැඩි ආබාධ සහිත පුද්ගලයින්ගෙන් සියයට 45ක් වසර 12ක් හෝ ඊට සමාන අධ්‍යාපන මට්ටමක් සම්පූර්ණ කර ඇති අය වීම ද විශේෂත්වයක්.

තවද මෙරට සිටින වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් අඩක්ම අබාධ සහිත පුද්ගලයින් බවයි හඳුනාගෙන ඇත්තේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »