මාර්ග අනතුරු වල කේන්ද්‍රස්ථානය මෙල්බන් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙම වසරේ ගතවු මාස කිහිපය තුළ මාර්ග අනතුරු හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 141ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජූලි දෙවනදා වන විට ප්‍රාන්ත රථවාහන වෙබ් අඩවියේ යාවත්කාලීන කර ඇති දත්ත අනුව මාර්ග අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් මෙල්බන් අගනුවර කේන්ද්‍රගතව සිදුව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මෙල්බන් අගනුවර මේ වන විට පුද්ගලයින් 67 දෙනෙකු මාර්ග අනතුරු හේතුවෙන් මියගොස් තිබෙනවා.

වික්ටෝරියා හි සෙසු ප්‍රදේශයන්හි වාර්තා වී ඇති මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව 74ක්.

මින් වැඩි පිරිසක් පිරිමි පුද්ගලයින් වන අතර මෙම වසරේ පුරුෂයින් 97 දෙනෙක් මාර්ග අනතුරු හේතුවෙන් මියගොස් ඇති බව සඳහන්.

මෙලෙස මියගිය පුද්ගලයින් අතුරින් වැඩි දෙනෙක් වයස අවුරුදු 70 ඉක්මවු අය බවයි වාර්තා වී ඇත්තේ.

මාර්ග අනතුරු වාහන වලට පමණක් සිමා නොවන අතර පදික වේදිකාවන් හි ගමන් ගත් මගීන් 24 දෙනෙක් ද අනතුර වලට ලක්වී මියගොස් ඇති බව සඳහන්.

යතුරු පැදි අනතුරු හේතුවෙන් මියගිය ගණන 35ක් වන අතර අනතුරු වලට ලක්වු වාහන වල රියදුරන් 59 දෙනෙතු ද මෙම වසරේ ගතවු කාලසීමාව තුළ මියගොස් තිබෙනවා.

පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනතුරු මරණ සියයට 3.4කින් අඩුව තිබීම ද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »