මෙල්බන් ඇතුලු ප්‍රදේශ කිහිපයක නිවාස මිල ගැන වෙනස් කතාවක්

ඇතැම් ප්‍රදේශවල ඉහළ යන නිවාස කුලී මිල ගණන් හමුවේ පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් දැරිය හැකි මිලකට පවතින නිවාස මිල පහත වැටී ඇති බව වාර්තා වනවා.

වාර්තාගත ඉහළ සංක්‍රමණ හේතුවෙන් නිවාස ඇතුලු දේපල සඳහා දැවැන්ත ඉල්ලුමක් පැවතුණ ද සැපයුමේ සැලකිය යුතු හිඟයක් තවමත් පවතින බවයි සඳහන් වන්නේ.

නිවාස ගැටලුවට ප්‍රතිචාර වශයෙන් ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් විසින් ප්‍රධාන නිවාස ව්‍යාපෘති ගණනාවක් ප්‍රකාශයට පත් කළ අතර කුලී ආධාර ද අවස්ථා කිහිපයකදී ඉහළ නැංවීමට පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත් මේ වන විට රජය විසින් ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණීම සීමා කිරීම හමුවේ නිවාස වෙළඳපොළට බලපෑම් එල්ලවී ඇති බවයි සඳහන් වන්නේ.

නවතම Domain වාර්තාවට අනුව නව මූල්‍ය වර්ෂය තුළ ද කුලී නිවාසවල මිල ගණන් අඩු වීම, ඉහළ යාම මන්දගාමී වීම හෝ සම්පූර්ණයෙන්ම නතර වීමක් සිදු වනු ඇති බව සඳහන්.

සිඩ්නි සහ මෙල්බර්න් හි නිවාස කුලිය 2021 වසරේ අඩුම වර්ධනයක් පෙන්නුම් කරන අතර බ්‍රිස්බේන්, ඇඩිලේඩ් සහ පර්ත්හි නිවාස මිල 2020 වසරේ සිට වාර්තා වූ දුර්වලම අඩුවීමක් බවට පත්වී තිබෙනවා.

කෙසේ වෙතත්, වාර්තාව පෙන්වා දෙන්නේ ඉල්ලුම සහ සැපයුම අතර පවතින අසමතුලිතතාව තවමත් ගැටළුවක් වන අතර, පුරප්පාඩු අනුපාත තවමත් සියයට දෙකකට අඩු මට්ටමක පවතින බවයි.

හෝබාර්ට් හැර අනෙකුත් අගනගරවල නිවාස සඳහා මෙන්ම කැන්බරා සහ ඩාවින්හි නිවාස සඳහා හිමිකරුවන් ඉල්ලා සිටින කුලී මුදල වාර්තාගත මට්ටමක් බවයි පැවසෙන්නේ.

සංක්‍රමණය පහළ යාම මෙන්ම රජයන් තවත් නිවාස තැනීමට පියවර ගෙන ඇති බැවින් කුලී මුදල් දැරිය හැකි මට්ටමකට කඩිනමින් පත්වනු ඇති බව Domain වාර්තා පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »