මෙල්බර්න් බ්‍රෝඩ්මිඩෝස් (Broadmeadows) ප්‍රදේශයේ නිවසක මියගොස් සිටි 4 දෙනාගේ මරණවලට හේතුව මෑත කාලීනව වික්ටෝරියා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය තුළ හමුවන විෂ සහිත ඔපියොයිඩ් බව පොලිසිය පවසනවා.
මිය ගිය පුද්ගලයින් සිව් දෙනාගේ මරණ පරීක්ෂණයේදී ඔවුන්ගේ සිරුරු තුළ තිබී කෘතිම ඔපියොයිඩ් වර්ගයක් හමුවී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මියගිය පිරිස අතර 17 හැවිරිදි පිරිමි ළමයෙකු, 30 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු සහ 42 හැවිරිදි කාන්තාවක් වනවා.
වික්ටෝරියා පොලිසිය පවසන්නේ පසුගිය ජුනි මස 25 වනදා හමු වූ මෙම මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතින බවයි.
අදාළ මරණ සම්බන්ධයෙන් තවමත් කිසිදු සැක කටයුතු කරුණක් අනාවරණ වී නොමැති අතර මියගොස් සිටින පිරිමි ළමයාගේ පවුලේ අයෙකු ද සඳහන් කර ඇත්තේ මෙම මරණ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදු වූ බවට තමන් විශ්වාස කරන බවයි.
මළ සිරුරු හමුවූ දිනයේදී ම අදාළ නිවසේ තිබී පොලිසිය මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණ කිහිපයක් ද සිය භාරයට ගෙන තිබුණා.