මයිකල් ක්ලාක් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමට එක්වෙයි

ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයෙකු වන මයිකල් ක්ලාක් අද (03) ශ්‍රී දළදා සමිදුන් වැඳපුදාගෙන තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කිරීම හේතුවෙනුයි ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටින්නේ.

දළදා සමිදුන් වැඳපුදා ගත් අවස්ථාවේ ඡායාරූප කිහිපයක් තම ෆේස්බුක් ගිණුමට එක්කරමින් ඔහු විශේෂ සටහනක් ද තබා තිබුණා.

එහි දැක්වෙන්නේ තමන් මහනුවර පිහිටි ලෝක ප්‍රසිද්ධ දළදා මාලිගාව නැරඹීමට ගිය බවයි.

සෑම මාසයකම මිලියනයකට අධික බැතිමතුන් මෙහි පැමිණ බුදුන් වහනසේට ගෞරව දක්වන බවත් ඔහු එහි දක්වා තිබෙනවා.

LPL තරගාවලියට සහභාගි වීම සඳහා මයිකල් ක්ලාක් පසුගිය ජුනි මස 30 වනදා ශ්‍රී ලංකාවට ගොස් තිබෙනවා.

ඔහු මෙවර තරගාවලියේ සන්නාම තානාපති වගකීමට අමතරව, විස්තර විචාරක මණ්ඩලයට ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »