Search

කුරුළු උණ සඳහා මිනිසුන්ට එන්නතක්

ලොව පළමු වරට සතුන් සමග කටයුතු කරනු ලබන සේවකයින්ට ලබන සතියේ සිට කුරුළු උණ එන්නත ලබා දීමට ෆින්ලන්තය සැලසුම් කර තිබෙනවා.

මේ අනුව අදාළ එන්නත ලබාදෙන ලෝකයේ පළමු රට බවට ෆින්ලන්තය පත්වනු ඇති.

එන්නත නිෂ්පාදනය කරනු ලබන සමාගමකින් මාත්‍රා දෙකකින් සමන්විත එන්නත් 10,000ක් එරට බලධාරීන් විසින් මිලදී ගෙන තිබෙනවා.

එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ සතුන්ට නිරාවරණය වන ගොවිපළ සේවකයන් ඇතුලු කම්කරුවන්ට මෙලෙස කුරුළු උණ එන්නත ලබා දීමට කටයුතු කරන බවයි.

යුරෝපා සංගමයේ ප්‍රසම්පාදනයක කොටසක් ලෙස රටවල් 15ක ජනතාව වෙනුවෙන් එන්නත් මාත්‍රා මිලියන 40ක් මේ වන විට නිපදවා ඇති බව සඳහන්.

රැකියාව හෝ වෙනත් තත්වයන් හේතුවෙන් කුරුළු උණ වැළඳීමේ වැඩි අවදානමක් ඇති වයස අවුරුදු 18 හෝ ඊට වැඩි අයට එන්නත ලබා දෙන බව ෆින්ලන්ත සෞඛ්‍ය හා සුභසාධන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

H5N1 කුරුළු උණ ප්‍රභේදය හේතුවෙන් මෑත කාලීනව ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් රැසක කුකුළන් සහ තාරාවන් මිලියන ගණනක් මරා දමා හෝ මරා දැමීමට හේතු වී ඇති බව සඳහන්.

ඇමරිකා එක්සත් ජනපදයේ එළදෙනුන් ඇතුළු ක්ෂීරපායි සතුන් වෙත සහ ඇතැම් අවස්ථාවල මිනිසුන්ට ද කුරුළු උණ වැළඳී ඇති බවට හෙළිවී තිබෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »