
මෙල්බර්න් රිච්මන්ඩ් දුම්රිය ස්ථානයේදී නාඳුනන පුද්ගලයෙකු විසින් දුම්රිය මාර්ගයට තල්ලු කළ කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ පස්වරු 4 ට පමණ පෙර හදිසි සේවා කණ්ඩායම් රිච්මන්ඩ් දුම්රිය ස්ථානයට කැඳවා ඇති අතර ඒ වන විට මගීන් විසින් කාන්තාව දුම්රිය මාර්ගයෙන් ඉවතට ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.
මෙලෙස තල්ලු කිරීමට ලක්වූ කාන්තාවගේ ජීවිතයට තර්ජනයක් නොමැති අතර ප්‍රතිකාර සඳහා ඇල්ෆ්‍රඩ් රෝහලට ගෙන ගොස් තිබෙනවා.

රිච්මන්ඩ් දුම්රිය ස්ථානයේ 4 වන වේදිකාවේ දුම්රියක් අපේක්ෂාවෙන් සිටියදී නාඳුනන පුද්ගලයෙකු ඇයගේ පිටුපසින් පැමිණ දුම්රිය මාර්ගයට තල්ලු කර ඇති බවයි සඳහන් වන්නේ.
කාන්තාව තල්ලු කළ සැකකරු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර ඔහු මෙතෙක් සොයා ගෙන නොමැති බව පොලීසිය සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් දැනුම් දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
අනතුරත් සමග පොලිසිය සිදු කරන විමර්ශන හේතුවෙන් සදර්න් ක්‍රොස් වැනි දුම්රිය ස්ථානවල මගීන්ට දුම්රිය ප්‍රමාදයකට ද මුහුණ දීමට සිදුවූ බව සඳහන්.