Search

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් number එකක්

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය වෙත වාර්තා වන සෑම ලිංගික අතවර සිදුවීම් 5න් 3ක්ම ගෘහස්ත හිංසනයන් හා සම්බන්ධ පැමිණිලි බව හෙළිව තිබෙනවා.

ජනතාවට දැනුම් දෙන්නේ මෙරට ජීවත් වීමේදී කුමන හෝ ලිංගික හිංසනයකට ලක්වන්නේ නම් 1800 737 737 දුරකතන අංකය හෝ 131114 යන ක්ෂණික දුරකතන අංක ඔස්සේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ උපදේශන සේවාව අමතන ලෙසටයි.

වාර්තා වන සිදුවීම් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ලිංගික අතවර සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගැන දැනුම් දීමට මෙන්ම අවශ්‍ය උපකාර ලබාදීම සඳහා ප්‍රාදේශීය උපදේශණ සේවා ද ආරම්භ කර තිබෙනවා.

මෑත කාලීනව වික්ටෝරියා ප්‍රාන්තයේ අයෙක් ලිංගික අතවරයක් හෝ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයකට ලක්වී ඇත්නම් 1800 806 292 යන දුරකතන අංක ඔස්සේ අවශ්‍ය උපකාරක සේවා ලබා ගත හැකියි.

මෙම සේවාවේ විශේෂත්වය වනුයේ සවස 5 සිට පසුදින උදෑසන 9 තෙක් රාත්‍රී කාලයේත් අඛණ්ඩ සේවා මේ හරහා සේවා ලබා ගැනීමට හැකි වීමයි.

සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල ද මෙම සේවාව හා සම්බන්ධ වීමට වික්ටෝරියානු වැසියන්ට අවස්ථාව හිමිවනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »