වැටුපත් එක්ක වැඩියෙන් නිවාඩුත් ගන්න දැන් අවස්ථාව

ඔස්ට්‍රේලියාවේ වැටුප් සහිත මාපිය නිවාඩු සති ගණන සති 22ක් දක්වා දීර්ඝ කිරීමේ සහනය මෙම සතියේ සිට නව දෙමාපියන්ට ලබා ගැනීමේ හැකියාව පවතින බව රජය පවසනවා.

පසුගිය මැයි මාසයේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය යෝජනා යටතේ මෙම සංශෝධන ක්‍රියාත්මක වන අතර මෙතෙක් ලැබුණු නිවාඩු සඳහා තවත් සති දෙකක කාලයක් එක්වනු ඇති.

රජයේ සැලසුම් වී ඇත්තේ 2025 සහ 2026 වසරවලදී තවත් සති දෙක බැගින් නිවාඩු ලබාදී වැටුප් සහිත මාපිය නිවාඩු සංඛ්‍යාව සති 26 දක්වා වැඩි කිරීමටයි.

ඒ අනුව 2026 වසර වන විට ලැබිය හැකි මාපිය නිවාඩු ගණන සති 26ක් වනු ඇති.

මෙලෙස ලැබෙන වැටුප් සහිත නිවාඩු මගින් 2026 වසර වන විට ඔස්ට්‍රේලියානු පවුල්වලට ඩොලර් 24000ක ප්‍රතිපාදන හිමිවන බවයි වාර්තා වන්නේ.

පසුගිය පළමුවනදා සිට ගෙන එනු ලැබූ නව වෙනස්කම් මෙන්ම සියයට 3.75 ක අවම වැටුප් වැඩිවීම සමග බොහෝ ඔස්ට්‍රේලියානු පවුල්වලට වාර්ෂිකව ඩොලර් 2500ක ඉතිරියක් හිමිවන බව ද සඳහන්.

එමෙන්ම 2025 වසරේ ජූලි මාසයේ සිට වැටුප් සහිත මාපිය නිවාඩු මත විශ්‍රාම වැටුප් ගෙවීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා වු නීති කෙටුම්පත් මෙම වසර අවසානයේ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »