ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ශීත කළ ශුක්‍රාණු පරිත්‍යාගයන් දහස් ගණනක් විනාශ කරන ලෙස ඔම්බුඩ්ස්මන්වරයා විසින් නියෝග කර තිබෙනවා.
සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනය විසින් කරන ලද විගණනයකින් අනාවරණ වී ඇත්තේ සාම්පලවලින් අඩක පමණ ප්‍රමාණයක් වැරදි ලෙස හඳුනාගැනීමේ අවදානමක පවතින බවටයි.
නව වාර්තාව මඟින් හඳුනාගෙන ඇති දෝෂ අතරට මිශ්‍රවීම්, කළලවල ශක්‍යතාව නැතිවීම, රසායනාගාර ප්‍රමිතීන් ඉක්මවා යන බව වැනි කරුණු ඇතුළත් වන බවයි සඳහන් වන්නේ.
එවැනි මිශ්‍ර කිරීම් හේතුවෙන් දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ප්‍රධාන ජාන තොරතුරු සහ වෛද්‍ය වාර්තා කොල්ලකෑමේ අවදානමක් පවතින අතර නීතීඥයින් පවසන්නේ අහම්බෙන් සිදුවන මෙවැනි සිදුවීම් හේතුවෙන් බරපතළ තත්වයක් නිර්මාණය කරන බවයි.
මෙම අවදානම වික්ටෝරියා ප්‍රාන්තය තුළ ද පෙන්නුම් කරන බව සඳහන්.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය යනු ඔස්ට්‍රේලියාවේ විශාලතම නළ දරු උපත් සිදු කරනු ලබන ප්‍රදේශය වන අතර මෙම පිරිසිදු කිරීම මගින් පරිත්‍යාග කරන ලද ශුක්‍රාණුවල හිඟයක් ඇති කරන බවයි වාර්තා වන්නේ.
රජයේ දත්ත පෙන්වා දෙන්නේ සෑම ඔස්ට්‍රේලියානු යුවළ හය දෙනෙකුගෙන් එක් යුවළක් පවුලක් බවට පත්වීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි.
ඉන් බොහෝ දෙනෙකු ගැබ් ගැනීම සඳහා පරිත්‍යාගශීලීන් සම්බන්ධයෙන් වැඩි බලාපොරොත්තු තබා සිටින බව සඳහන්වැ.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ශුක්‍රාණු පරිත්‍යාග, ඩිම්බ සාම්පල සහ කළල වලින් 42%කට හඳුනාගැනීමේ ගැටලු ඇති බව වාර්තාව විස්තර කර තිබෙනවා.
ඒ අනුවයි වත්මන් හඳුනාගැනීමේ ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස ගබඩා කර ඇති පරිත්‍යාගශීලී ශුක්‍රාණු බැහැර කරන ලෙස නියෝග කර ඇත්තේ.
සිදුකිරීමට නියමිත බැහැර කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ පරිත්‍යාග කරන ලද ශුක්‍රාණුවල දැනටමත් ඇති සැලකිය යුතු හිඟය තවදුරටත් උග්‍ර කරනු ඇති.