මෙල්බන්හි නීතිවිරෝධීව අලෙවි කෙරෙන කොකේන් මත්ද්‍රව්‍යවල මාරාන්තික ඔපියොයිඩ් (Opioid) වර්ගයක් අඩංගු බවට හඳුනා ගැනීමත් සමග වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම රසායනිකය හෙරොයින්වලට වඩා 100 ගුණයකටත් වැඩි ප්‍රබලත්වයකින් මානසික ව්‍යාකුලත්වයක් ඇති කරන බවයි.
මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය භාවිතය මගින් සිහිය නැතිවීම, ශ්වසන අපහසුතා මෙන්ම ජීවිතයට තර්ජනයක් වන රෝගී තත්වයන් මතුවිය හැකි බව සඳහන්.
එළඹෙන මාසවල ආරම්භ වන උත්සවවල පිල් ටෙස්ටින් පරීක්ෂණ අත්හදා බලන බව අගමැතිනි ජසින්ටා ඇලන් ප්‍රකාශ කිරීමෙන් සතියකට පසුව මෙම සෞඛ්‍ය අනතුරු ඇඟවීම වාර්තා වී තිබෙනවා.
මෙම වසරේ පළමු මාස තුන තුළ හදිසි සේවා වෛද්‍යවරුන් මෙවැනි තහනම් මත්ද්‍රව්‍ය භාවිත කර අසාධ්‍ය තත්වයන්ට පත්වූ පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග ප්‍රාන්තය පුරා සංගීත ප්‍රසංග වැනි උත්සවවල පිල් ටෙස්ටින් සඳහා තීරණයක් ගෙන ඇති බව සඳහන්.
පසුගිය මැයි මාසයේදී ෆෙඩරල් පොලිසිය අනතුරු අඟවා තිබුණේ සින්තටික් ඔපියොයිඩ් වර්ගයක් වන නයිටසීන් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වැඩි වශයෙන් හමුවී ඇති බවයි.
මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආරක්ෂිත මාත්‍රාවක් වැනි ප්‍රමාණයක් නොමැති අතර ඕනෑම ප්‍රමාණයක් භාවිතයෙන් ජීවිත අවදානමක් පවතින බවයි ෆෙඩරල් පොලිස් කමාන්ඩර් පෝලා හඩ්සන් අවධාරණය කළේ.