මෙල්බන්හි වාර්තාගත ශීතලම උදෑසන මෙම සතිය තුළ වාර්තා වනු ඇතැයි කාලගුණ අංශ පුරෝකතනය කර තිබෙනවා.
මෙම වසර තුළ මෙල්බන් නගරයෙන් වාර්තා වූ දෙවන ශීතලම උදෑසන අද වන අතර අද පෙරවරු 7.29 වනවිට Olympic Parkහි උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 1ක් ලෙසටයි.
මෙල්බර්න් නගරයේ උදෑසන කාලයේ උෂ්ණත්වය මේ සතිය තුළ සෙල්සියස් අංශක 5ට හෝ ඊට අඩුවෙන් අඛණ්ඩව පැවතුන හොත් එය වසර 11කට පසු වාර්තා වන නගරයේ ශීතලම සතිය වනු ඇතැයි සඳහන්.
මෙල්බන් නගරයට පමණක් නොව වික්ටෝරියා ප්‍රාන්තයටම මෙම සතියේ අධික සීතල රාත්‍රී කාලයන් මෙන්ම අධික ශීතලක් සහිත උදෑසන කාලයන් ද එළඹෙනු ඇති බවයි දැනුම් දෙන්නේ.
1997 වසරේ ඔස්ට්‍රේලියාවේ ශීතලම උදෑසන වාර්තා වී තිබුණේ සෙල්සියස් අංශක 0.3ක අගයකට උෂ්ණත්වය පහත වැටීමෙන් පසුව වන අතර පවතින තත්වය අනුව වසර 27කට පසු මෙල්බන් නගරයට එම වාර්තා බිඳ දමන ශීතලක් පවතිනු ඇතැයි අපේක්ෂිතයි.
මේ අතර අතර ඇලිස් ස්ප්‍රින්ග්ස් ගුවන් තොටුපල අවට අද උදෑසන උෂ්ණත්වය සෙල්සියස් අංශක -1.8ක් වූ අතර හෙට අවම වශයෙන් එම අගය සෙල්සියස් අංශක -2 වනු ඇති බව කාලගුණ අංශ සඳහන් කර තිබෙනවා.
හෝබාර්ට් ගුවන් තොටුපලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.3ක් ද Launceston ගුවන් තොටුපළ වසර පහකට පසු ශීතලම උදෑසන වාර්තා කරමින් සෙල්සියස් අංශක – 4.3ක උෂ්ණත්වයක් ද සටහන් වී තිබුණා.
කැන්බරාහි සති අන්තයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ක් ලෙසට පවතිනු ඇතැයි අනාවැකි පළ කරන අතර හිම සහිත කාලගුණික තත්වයක් අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන්.