සරම්ප ආසාදිත විදේශ සංචාරකයෙකු මෙල්බන් වෙත පැමිණ ඇතැයි අනාවරණ වීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්ත ජනතාවට සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
රෝගය ආසාදිත මෙම සංචාරකයා විදේශගතව සිට මෙරටට පැමිණීම හමුවේ සරම්ප රෝග ලක්ෂණ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසටයි වික්ටෝරියානු ප්‍රාන්ත ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.
මෙම වසර ආරම්භයේ සිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ 11 වැනි සරම්ප අසදිතයා ලෙසට මෙම පුද්ගලයා සැලකෙනවා.
ඔහු ඊයේ සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයකකින් මෙල්බර්න් දක්වා පැමිණ තිබෙනවා.
පසුව ඔහු මෙල්බන් අවට මැක්ඩොනල්ඩ් අවන්හලක්, කෝල්ස් සුපිරි වෙළඳසැලක් සහ සෙල්ලම් බඩු වෙළඳ සැලක් ඇතුළුව පොදු ස්ථාන කිහිපයකට ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
සරම්ප යනු නියුමෝනියාව සහ එන්සෙෆලයිටිස් වැනි බරපතල සංකූලතා ඇති කළ හැකි බෝවන වෛරසයක් බැවින් අවධානයෙන් පසුවන ලෙසට වික්ටෝරියා සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
සරම්ප රෝගයේ මුල් රෝග ලක්ෂණ COVID-19 සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වලට සමාන විය හැකි අතර උණ, කැස්ස, උගුර කැසීම මෙන්ම නාසයෙන් සොටු දියර ගැලීම ද ඇතුලත්.
අනතුරුව සුලු කැසිමකින් ඇති වන රතු ලප ශරීරය පුරා පැතිර යනවා.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ සරම්ප රෝගියෙකුට නිරාවරණය වීමෙන් දින 7 සිට 18 දක්වා රෝග ලක්ෂණ මතුවිය හැකි බවයි.