මෙල්බන්හි තරුණියන් දෙදෙනෙක් මහමග දමා තරුණයන් 4ක් පැන යයි

සොරකම් කර රැගෙන යමින් තිබූ මෝටර් රථයක් මෙල්බන්හිදී තවත් මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනතුරට සම්බන්ධ සොරකම් කළ මෝටර් රථය රැගෙන ආ බාල වයස්කරුවන් පළා ගොස් ඇති අතර 15 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වික්ටෝරියා පොලිසිය කියාසිටියේ.

මෙල්බර්න් බර්වුඩ් (Burwood) ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 7ට පමණ මෝටර් රථ දෙක එකිනෙක ගැටී අනතුර සිදුවී ඇති බව සඳහන්.

මියගොස් ඇත්තේ සොරකම් කර රැගෙන යමින් තිබූ රථයේ ගැටුණු අනෙක් මෝටර් රථයේ රියදුරා වන අතර ඔහුගේ අනන්‍යතාවක් මෙතෙක් හෙළිවී නැහැ.

වික්ටෝරියා පොලිසිය පැවසුවේ සොරකම් කළ බව කියන මෝටර් රථයේ සිටි තරුණයන් 4 දෙනෙකු එම ස්ථානයෙන් පලා ගිය අතර 15 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බවයි.

පොලිස් ආරක්ෂාව යටතේ එම දැරියන් දෙදෙනා රෝහල් ගත කර තිබෙනවා.

සොරකම් කරන ලද මෝටර් රථයේ පැමිණි පිරිසගේ අනතුරුදායක රිය පැදවීම අනතුරට හේතුව බවටයි පොලිසිය සිදු කළ මූලික විමර්ශන මගින් හෙළිවී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »