පසුගියදා මෙල්බන් සෙන්ට් හෙලේනා (St Helena) ප්රදේශයෙන් සොරකම් කරන ලද ගැරී නම් ගෝරිල්ලා ප්රතිමාව මෙල්බන්හි නිවසක් පිටුපස තිබී සොයාගෙන තිබෙනවා.
බොහෝ දෙනෙකුගේ අවධානයට මෙන්ම ආදරයට ලක්වූ මෙම ප්රතිමාව නැවත එම ස්ථානයේ ස්ථාපිත කරන බවයි ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.
“ගැරී” ලෙස නම් කර ඇති මීටර් 1.5ක උසකින් යුත් මෙම ගෝරිල්ලා පිළිරුව පසුගිය ජුනි මස 6 වනදා සවස 4 ට පමණ සෙන්ට් හෙලේනා ප්රදේශයෙන් අතුරුදන්ව තිබුණා.
මේ සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය පුළුල් විමර්ශනයක් සිදු කළ අතර අවසානයේ එම ප්රදේශයේ පිහිටි නිවසක් පිළිබඳව හෙලිකොප්ටර් යොදා ගනිමින් විමර්ශන සිදු කිරීමටයි පියවර ගැනුණේ.
අනතුරුව පොලිසිය අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබා ගනිමින් ජනතාවගේ ආදරය දිනු ගෝරිල්ලා පිළිමය සිය භාරයට ගෙන තිබෙනවා.
අද දිනයේ මෙම ගෝරිල්ලා නැවතත් පෙර තිබු ස්ථානයේම ස්ථාපිත කරන අතර සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්රියාත්මක බවයි පොලිසිය ප්රකාශ කළේ.