Search

ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් හිමි අගමැතිනිය වික්ටෝරියා ප්‍රාන්තයේ

වික්ටෝරියා ප්‍රාන්ත මැති ඇමතිවරුන්ට සිදු කළ වැටුප් වැඩිවීම අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන අගමැති බවට ජසින්ටා ඇලන් පත්ව තිබෙනවා.

වසර දෙකක කාලයක් තුල මන්ත්‍රීවරුන්ට සිදු කළ දෙවැනි වැටුප් වැඩිවීම මෙය වන අතර ප්‍රාන්ත දේශපාලනඥයන්ට වැටුප් වැඩිවීම පිළිබඳ ජනතාව අතර කනස්සල්ලක් මතුවී ඇති බවයි සඳහන් වන්නේ.

ජසින්ටා ඇලන් මේ වන විට රටේ ඉහළම වැටුප් ලබන අගමැතිනිය වන අතර ඇයගේ වැටුපට අනෙකුත් හිමිකම් දීමනා ද ඇතුළත් කළ විට ඩොලර් මිලියන භාගයක් පමණ මුදලක් ලැබෙන වන බව සඳහන්.

කෙසේ වෙතත් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බෙන් කැරොල් අද ප්‍රකාශ කළේ තමාගේ වැටුප් වැඩිවීම යුනිසෙෆ් සංවිධානය වෙත පරිත්‍යාග කරන බවයි.

සියලුම මන්ත්‍රීවරුන්ට නව මූල්‍ය වර්ෂයට අනුව සියයට 3.5ක වැටුප් වැඩිවීමක් ලබා දී ඇති අතර එම වැටුප් සඳහා ඩොලර් මිලියනයක පමණ මුදලක් වෙන් කෙරෙනු ඇති.

පසුපෙළ මන්ත්‍රීවරුන් ද මේ වන විට ඩොලර් ලක්ෂ දෙකකට වැඩි මුදලක් උපයන අතර ඔවුන්ට ද දීමනා වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට රථ වාහන සඳහා ගෙවන මුදල සියයට 3.4ක්, අනෙකුත් ගමන් බිමන් සඳහා සියයට 3.6ක් සහ ඡන්ද දායකයකයන්ට දීමනා වශයෙන් තවත් සියයට 6.1ක් ඉල්ලා සිටීමට හැකි බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්ත මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධ තීරණය ගෙන ඇත්තේ ස්වාධීන විනිශ්චය සභාවක් විසින් වුව ද ප්‍රාන්තයේ රෝහල්වලට ලබාදෙන අරමුදල් කප්පාදුව මෙන්ම ජීවන වියදම් පීඩනයන් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

අගමැතිනිය සහ විපක්ෂ නායකවරයා නිවාඩු ලබා සිටින බැවින් ඔවුන් තම වැටුප් වැඩිවීම පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කරන්නේ දැයි මෙතෙක් හෙළිවී නැහැ.

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »