මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කරමින් තරුෂි කරුණාත්න සහ කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්ව නියෝජනය කරමින් දිල්හානි ලේකම්ගේ පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
මේ පිළිබද නිවේදනය ලෝක ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකුට ඔලිම්පික් වරම් හිමිවනු ඇති බවට දැඩි පැවති අතර ඉන් අවස්ථාව උදාවී ඇත්තේ දෙදෙනෙකුට පමණයි.
තරුෂි කරුණාරත්න පසුගියදා පැවති ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ විශේෂ තේරීම් තරගයේ දැක් වූ දක්ෂාව සමග ඇයට අවසන් ශ්‍රේණිගත කිරීමෙන් ලොව 45වැනි ස්ථානය ලැබී තිබෙනවා.
තරුෂිට අමතරව කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් දිල්හානි ලේකම්ගේට ද මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරිස් ඔලිම්පික් උළෙලට තරග කිරීමට අවස්ථාව ලැබී තිබීම විශේෂත්වයක්.
කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ක්‍රීඩිකාවන් 30 දෙනෙකුට ඔලිම්පික් වරම් හිමි වන අතර, දිල්හානි එහි අවසන් ශ්‍රේණිගත ලැයිස්තුවේ 26 වැනි ස්ථානයට පත්ව සිටිනවා.