
මවක් දරු ප්‍රසූතියෙන් පසු තමාට ඇති වන ගැටලු හුවමාරු කර ගැනීමට Facebook සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තිබෙන කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමට වර්තමානයේ යොමු වී ඇති අතර ඒවා අනිසි ලෙස ප්‍රයෝජන ගැනීමට ගත් පිරිසක් ගැන පසුගිය දා වාර්තා විය.
එම සමාජ කණ්ඩායමේ 22,500ක් පමණ පිරිසක් සිටිය අතර එම රහසිගත තොරතුරු විකිණීමේ ජාවාරමක් සිදු වීමක් ඇත.
මෙහිදී මව්වරුන්ට තමාගේ පින්තූර අලෙවි කරන ලෙස එක් එක් පුද්ගලයින් බලපෑම් සිදු කර ඇති අතර එහි දී එම පෞද්ගලික තොරතුරු සමාජයට විකුණා ඇත්තේ එම Facebook කණ්ඩායම මෙහෙය වූ පරිපාලක විසිනි.

නමුත්, මේ පිළිබඳ වාර්තා වූ වහාම එම කණ්ඩායමට අදාල ගිණුම තහනම් කර ඇති අතර එම සමාජ මාධ්‍ය ජාලය පවසන්නේ මෙවැනි අකටයුතුකම් සිදු වූ වහාම ඔවුන් ව දැනුවත් කරන ලෙසයි.
උපුටා ගැනීම: 7News
