ඔස්ට්‍රේලියාවේ දරුවන් ආරක්ෂා කර ගන්න සමාජ මාධ්‍යවලට නියෝගයක්

ඔස්ට්‍රේලියාවේ දරුවන් අසභ්‍ය දර්ශන නැරඹීමෙන් ආරක්ෂා කිරීම සඳහා සැලැස්මක් නිර්මාණය කරන ලෙසට කිරීමට eSafety කොමිසම විසින් සමාජ මාධ්‍ය හිමිකරුවන්ට නියමිත කාල සීමාවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන සමාජ මාධ්‍ය හිමිකරුවන් ලබන ඔක්තෝබර් 3 වනදා වන විට කුඩා දරුවන්ට ලිංගික දර්ශන, සියදිවි නසාගැනීම් සහ බරපතල අනතුරු ඇතුලු සිදුවීම් දර්ශනය වීම වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති.

eSafety කොමසාරිස් ජූලි ඉන්මාන් ග්‍රාන්ට් (Julie Inman Grant) පැවසුවේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 13 හෝ ඒ ආසන්න වයස්වල ළමයින් බොහෝ විට අසභ්‍ය දර්ශනවලට නිරාවරණය වන බවයි.

ළමුන් සැමවිටම කුතුහලයෙන් සිටින බැවින් මෙම පියවර කුඩා දරුවන් නොදැනුවත්වම අසභ්‍ය දර්ශන කෙරෙහි නිරාවරණය වීම වැළැක්වීමට උපකාරී වනු ඇති බවයි ඇය අවධාරණය කළේ.

සමීක්ෂණයට ලක්වූ තරුණයින්ගෙන් සියයට 60ක් පමණ ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙහිදී අසභ්‍ය වෙබ් අඩවි පමණක් නොව
සමාජ මාධ්‍යවල අසභ්‍ය දර්ශනවලට නිරාවරණය වූ බවයි.

එය බොහෝ දුරට නොදැනුවත්වම සිදුවී ඇත්තේ TikTok, Instagram සහ Snapchat ඇතුළු ජනප්‍රිය සමාජ මාධ්‍ය මගින් බව සඳහන්.

මේ හේතුවෙන් සමාජ මාධ්‍ය ආයතන ඔක්තෝබර් 3 වන විට ඔවුන්ගේ විසඳුම් ඉදිරිපත් කළ යුතු අතර දෙසැම්බර් 19 වන විට අවසාන කෙටුම්පත් ලබා දිය යුතුයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »