
බටහිර ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳසල් සේවකයින් ආරක්ෂා කිරීම සඳහා නව නීති ක්‍රියාත්මක කර තිබෙනවා.
සේවකයින් සහ ව්‍යාපාර අපරාධවලින් ආරක්ෂා කිරීම සඳහා මෙලෙස නව නීති හඳුන්වා දී ඇති බවයි බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ.
නව නීති අනුව සේවයේ නියුතු වෙළඳසැල් සේවකයන්ට පහරදීම හෝ හිංසා කිරීමට වරදකරුවන් වන පුද්ගලයන්ට වසර දහයක් දක්වා සිර දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇති.

සොරකම් කිරීම හෝ සොරකම් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන අය සඳහා දඩයක් පමණක්ව තිබූ දඬුවම් සීමාව ඉවත් කෙරෙන අතර ඔවුන්ට ද සිර දඬුවම් නියම කිරීමට නව නීති අනුව හැකියාව පවතිනවා.
ප්‍රාන්ත පොලිස් අමාත්‍යවරයා අවධාරණය කළේ බටහිර ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජනතාවට මෙන්ම සිල්ලර සේවකයන්ට ද තම සේවා ස්ථානයේ ආරක්‍ෂිතව සිටීමට අයිතියක් ඇති බවයි.

සුපිරි වෙළඳසල් සහ භාණ්ඩ බෙදාහැරීමේ සේවාවල නිරත සාමාජිකයින් 4,600කට වැඩි පිරිසක් සම්බන්ධ කර ගනිමින් සිදු කළ ජාතික සමීක්ෂණයකින් පසුව නව නීති හඳුන්වාදීම සිදු කර තිබෙනවා.
නව නීති යටතේ තම රාජකාරිවල නිරත වන වෙළඳසල් කාර්ය මණ්ඩලයට පහර දෙන පුද්ගලයින්ට වසර හතක් දක්වා සිරදඬුවමක් හෝ ඩොලර් 36,000 ක දඩයකට යටත් වනු ඇති.