දුරකථන ඇමතුම් නිසා ඔස්ට්‍රේලියාවේ තරුණයන්ට ගැටළුවක්

බොහෝ තරුණ ඔස්ට්‍රේලියානුවන් දුරකථන ඇමතුම් ලබා ගැනීම හෝ ඒවාට පිළිතුරු දීමෙන් වැළකී හේතුවෙන් සංවාදයක නිරත වීමේ අවස්ථා අහිමි වෙමින් පවතින බව විශේෂඥයන් පවසනවා.

CommBank හි නවතම දත්තවලට අනුව තරුණ පරම්පරාවේ සියයට 60 ක් දුරකථන ඇමතුමක් ගැනීමට හෝ පිළිතුරු දීමට අකමැති බවයි සඳහන් වන්නේ.

වයස අවුරුදු 18 සිට 26 දක්වා තරුණ කණ්ඩායම් දුරකථනයෙන් කතා කිරීමට වඩා කෙටි පණිවිඩ යැවීමට කැමැත්තක් දක්වන බව සඳහන්.

අනපේක්ෂිත ලෙස ලැබෙන ඇමතුම් සඳහා ඔවුන් පිළිතුරු දීමට මැලි වන්නේ තමන් අතින් සිදුවී ඇති කිසියම් වරදක් හේතුවෙන් හෝ එය දෙමව්පියන්ගෙන් ලැබෙන එකක් බවට සිතීම හේතුවෙන් බවයි හෙළිවන්නේ.

Rowan Associates හි ළමා හා පවුල් මනෝවිද්‍යාඥ Clare Rowe පැවසුවේ දුරකථන ඇමතුමක් ගැනීමේ හැකියාව ප්‍රධාන සන්නිවේදන කුසලතාවයක් බවයි.

වත්මන් තරුණ පරම්පරාව දුරකථන ඇමතුම් ආක්‍රමණශීලී සහ කරදරකාරී ලෙස සලකන අතර එය සමාජමය ගැටළුවක් ද නැතහොත් ඔවුන්ට දුරකථන ඇමතුම් ගැනීමේ පුරුද්දක් නොමැතිකම ද යන්න ගැටළුවක් බව ඇය පෙන්වා දෙනවා.

දුරකථනයකට පිළිතුරු දීම සඳහා තම දරුවන් තුළ කුසලතාවක් ඇති කිරීම වෙනුවෙන් දෙමාපියන් ද කාර්යභාරයක් ඉටු කළ යුතු බව අවධාරණය කෙරෙනවා.

ආපන ශාලාවකින් කිසියම් දෙයක් ඇණවුම් කරන ආකාරය, දුරකථනයක් ගෙන සංවාදයක යෙදෙන ආකාරය තම දරුවන්ට ඉගැන්වීම සඳහා දෙමාපියන්ට විශාල වගකීමක් පවතින බවයි ඇය කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »